හොඳම නළුවා සම්මානය රොෂාන් රවින්ද්‍රට..
පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය වූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක් කෙරෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ ඊයේ (21 දා) නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණ.
ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ හතළිහක් යටතේ මෙදින විශිෂ්ට කුසලතා පළ කළ ශිල්පී ශිල්පිනියෝ හැත්තෑ හයක් මෙහිදි රාජ්‍ය ටෙලි නාට්‍ය සම්මානයෙන් පිදුම්ලැබූහ.
2013 වසරේ සිට ඇරඹි මෙකී රාජ්‍ය සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ13 වැනි වරටය.
රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ මෙවර හොඳම නළුවාට හිමි සම්මානය ‘දස්කොන්’ හෙවත් ‘කන්ද උඩ ගින්දර’ (ස්වර්ණවාහිනිය) වෙනුවෙන් හිමි කර ගනු ලැබුවේ රොෂාන් රවින්ද්‍රය.