CSN අවලංගු කිරීම නීතිවිරෝධී නොවන බව ජනමාධ්‍ය ඇමති කියයි…
සී.එස්.එන් නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට ගත් තීරණය නීතිවිරෝධී නොවන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සී.එස්.එන්. නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.
අදාළ නාළිකාව නීත්‍යානුකූලව කටයුතු කර නොමැති නිසා බලපත්‍රය අවලංගු කර තිබෙන බවත්, මෙය පරිපාලනමය කටයුත්තකට සම්බන්ධ කරුණක් මිස ජනමධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වයට සිදු කළ දෙයක් නොවන බවද කොන්දේසි උල්ලංඝණය කර තිබෙන නිසා බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා මෙහිද වැඩිදුරටත් අවධාරණය කළේය.